Saththai Raththarane Song Lyrics

Saththai Raththarane  
Song by Milinda Sandaruwan


Song Lyrics ;

හදිස්සියේ උගස් කල මගේ
පරිස්සම් කෙරු ආදරේ
දිනෙන් දින පොලී වී තිබේ
සින්න වී ගියොත් පාඩු වේ
දරන්නට බැරුව දුක හිතේ

මෙතෙක් කාලයක් ජිවිතේ
ගොඩනැගුණු සැම දේ මගේ
කඩාගෙන වැටෙයි එක වෙලේ

සත්තයි රත්තරනේ
මට මේ ආත්මයේ
ඇති වෙන්නත් නැති වෙන්නත්
හිටියේ මට ඔබ විතරයිනේ

සැම හමුවිමකම කෙළවර
වෙන්විම කියලා
පුරුදු කෙරුවාට
ඔබට බෙහෙවින් පිං සිද්ද වේවා
මගේ සන්තකයේ මට තිබෙනා
සම්පත නැතිවුන පසුව
තව නෑ කිසිවක් මගේ අතරේ
නැතිවෙන්න දෙයක් වටින

සත්තයි රත්තරනේ
මට මේ ආත්මයේ
ඇති වෙන්නත් නැති වෙන්නත්
හිටියේ මට ඔබ විතරයිනේ

ඈත හිටියත් මුසා අහලා
ලෝකයා කියනා
වචනෙකින්වත් ඔබට නෑ මන්
හානියක් කරලා
අමතක කරගන්නට හැමදා
වෙර දැරුවත් කොච්චර
මතකෙට එනවා ඔබේ සිනහා
හැමතිස්සෙම වස්තුව

සත්තයි රත්තරනේ
මට මේ ආත්මයේ
ඇති වෙන්නත් නැති වෙන්නත්
හිටියේ මට ඔබ විතරයිනේ

SongWriter - Sajith V Chathuranga


Please Contact us for Any Copyright Matter
lyricsonline05@gmail.com

Don't forget Like, Comment and Share

Comments